වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

May 11, 2026   04:15 pm

කොළඹ, වේල්ල වීදිය පොලිස් ස්ථානයට ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

වෙල්ල වීදිය පොලිස් වසමේ අලුත්‍ යෝන් වීදිය නො 138 "Mega star" යන මහල් තුනකින් යුත් ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවි සැලක තුන්වන මහලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගබඩාවක අද (11) සවස 3.30ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

ගිනි නිවන හමුදාව සඳහන් කළේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ 5ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවය. 

ගින්නෙන් සිදු වූ හානිය හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.

පොලීසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ ගමනාගමනය පාලනය කිරීමට පියවර ගෙන ඇත.