බුත්තල දෙමළිය වැව පිටාර ගලයි -  කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වෙයි

බුත්තල දෙමළිය වැව පිටාර ගලයි - කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වෙයි

May 11, 2026   03:58 pm

මෙම දිනවල බුත්තල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බුත්තල දෙමළිය වැව පිටාර ගලමින් තිබේ.

ඒ හේතුවෙන් බුත්තල කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වී ඇති අතර බුත්තල දෙමළිය මාර්ගය ද ජලයෙන් යට වී ඇති බව සඳහන් වෙයි.

මේ අතර, වසර ගණනාවකට පසු මෙවැනි තත්වයක් දෙමළිය ප්‍රදේශයට ඇති වූ බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසා තිබේ.