තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
May 10, 2026 05:34 pm
රත්නපුර - බලන්ගොඩ මාර්ගයේ බත්ගම්ගොඩ හන්දිය අසලදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බලන්ගොඩ දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැණ් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පැල්මඩුල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
