පාකිස්ථානයේ පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
May 10, 2026 03:52 pm
පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ පොලිස් මුරපොළකට එල්ල වූ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පොලිස් මුරපොළක ගැටීමට සලස්වා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඉන්පසු ත්රස්තවාදීන් එම ස්ථානයට කඩා වැදී වෙඩි තබා තිබේ.
මේ අතර, ප්‍රහාරය නිසා උදව්වට පැමිණි අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන්ට ද මග රැක සිටි ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කර ඇත.
