දිස්ත්‍රික්ක රැසකට තද වැසි 

දිස්ත්‍රික්ක රැසකට තද වැසි 

May 9, 2026   03:34 pm

මෙරට ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ් අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල  අද (09) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති බව හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.