දුරදිගිය ආරවුල මරණයකින් කෙළවර වෙයි

දුරදිගිය ආරවුල මරණයකින් කෙළවර වෙයි

May 9, 2026   09:47 am

ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (08) දහවල් අම්බලන්ගොඩ පොලිස් වසමේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

මරණකරු අවුරුදු  47ක් වූ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
  
මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙලෙස ආයුධයකින් පහරදීමෙන් ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.