රටම එකට මෙහෙයුමෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස 150,000 පනී
May 8, 2026 04:49 pm
රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 150,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් 30වනදා සිට අද (08) දිනය දක්වා සිදු කළ එම වැටලීම්වලින් 169,300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
එහිදී හෙරෝයින් කිලෝග්‍රෑම් 1,937යි ග්‍රෑම් 270ක්, අයිස් කිලෝග්‍රෑම් 1,994යි ග්‍රෑම් 241ක්, කුෂ් කිලෝග්‍රෑම් 431යි ග්‍රෑම් 242ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 2,767 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර 318දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ සැකකරුවන් 2,031දෙනෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කර ඇති බවය.
