වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

May 7, 2026   11:27 pm

වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා අද (7) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමග 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරක නිතරව සිටි අතර, ඒ අනුව ඔහු මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇත.