2026-2030 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුමැතිය
May 5, 2026 02:27 pm
'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම - 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබේ.
අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා 2025 අයවැය මඟින් යෝජනා කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ තාක්ෂණික සහාය ලබා ගනිමින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030 සකස් කර ඇත.
ඒ අනුව, 2030 වර්ෂය වන විට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 36 ක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙය වීම සහ අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්ම මඟින් පුළුල් උපායමාර්ගික රාමුවක් සපයනු ලබන බව සඳහන් වේ.
