අකුණුසැර වැදී පුද්ගලයෙකු මරුට
May 5, 2026 10:06 am
පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ දී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු කුඹුරෙහි ගසක් මත ඉදිකර තිබූ පැලක සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොතුවිල් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
