පාසල් ළමුන් ප්රවාහනය කළ වෑන් රථයක් ප්රපාතයකට පෙරළෙයි
May 5, 2026 09:21 am
නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්රදේශයේදී අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.
වෑන් රථයේ රියදුරු ද රෝහල්ගත කර ඇති අතර වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදු කරන බව සඳහන් ය.
