ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීමේ ලිපි 

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීමේ ලිපි 

May 4, 2026   10:10 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද (04) සිය පත්වීම් ලිපි ලබාගත්තහ.

සිදත් වෙත්තමුනි,  තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේ යන අය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස  ගන්නා ලදී.

ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉකුත්දා ඉල්ලා අස්වූ අතර ඒ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.