එක්සත් අරාබියේ ඉන්ධන වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක් 

එක්සත් අරාබියේ ඉන්ධන වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක් 

May 4, 2026   09:48 pm

ඉරානයෙන් එල්ල වූ බව පවසන ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරාහි ගින්නක් හටගෙන තිබේ. 

එය එරට විශාලතම ඉන්ධන වරාය සහ ගබඩා සංකීර්ණය වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

සටන් විරාමයට පෙර ඊට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. 

සිවිල් ආරක්ෂක කණ්ඩායම් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය විසින් ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර අදාළ ප්‍රහාරයෙන් ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.