මාරක අනතුරු දෙකක් - දැරියක් ඇතුළු තිදෙනෙකු මරුට
May 4, 2026 08:20 am
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ රිය අනතුරුවලින් දැරියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුඩාඔය, වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේදී සිරිපුරගම දෙසට ධාවන වූ මගී බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා දෙහිගස්හන්දිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකාරිය මියගොස් තිබේ.
පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට මාරුකර යවා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචි දැරියකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ, පරණ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොට්ටාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් 20 හැවිරිදි වියේ පසුවන මැදිරිගිරිය හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
