දරුවන් සමග කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු අතුරුදන්

දරුවන් සමග කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු අතුරුදන්

May 3, 2026   07:37 pm

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දියනෑමට පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචි  55 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු සිය දරුවන් සහ පවුලේ ඥාතීන් සමග දිය නාමින් සිටි අවස්ථාවේ, එකවර දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.