හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්
May 3, 2026 12:56 pm
දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනගැනීමට සුමේධ රණසිංහ සමත්වී තිබේ.
එහිදී ඔහු වාර්තා කර ඇති දක්ෂතාව මීටර් 75.61කි.
මීටර් 77.39ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තාන ක්රීඩක සර්වර් ඉස්මොයිලෝව් එහි රන් පදක්කම ද දකුණු කොරියානු ක්රීඩක ටී-පෝන්ග් නම් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනාගත්තේය.
මේ අතර හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වූවාය.
එහිදී ඇය වාර්තා කළ දුර මීටර් 56.79ක් වන අතර මෙම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් ජපාන ක්රීඩිකාවන් විසින් දිනාගන්නා ලදී.
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය දකුණු කොරියාවේදී ඊයේ (02) ආරම්භ විය.
