header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට සිදුවන දේ
May 03, 202612:47 PM
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට සිදුවන දේ
Mobitel 1278

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ (02) දිනයේදී ඉන්ධන මිල වෙනස් වුවද එම වෙනස්වූ මුදල බස් ගාස්තු සංශෝධනය සඳහා ආදේශ කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එම සංශෝධනය වූ මුදල ආදේශ කළ නොහැකි නමුත් බස් රථ ධාවනයේදී පාඩු ලැබීමට බස් රථ හිමියන්ට මේ වන විට සිදුව ඇති බවය.

ඒ අනුව මෙම ගාස්තුව ඉහළ යාමත් සමගම ඇතිවන පාඩුවද බස් හිමියන්ට දරාගැනීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.

කෙටි ගමන් සේවාවලින් දිනකට රුපියල් 500කට ආසන්න ප්‍රමාණයක් පාඩු සිදුවන බවත් දුරගමන් සේවා සඳහාද දෛනිකව රුපියල් 1,500කට ආසන්න පාඩුවක් සිදුවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජූලි මාසයේදී පළමු දින වන විට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ඒ සඳහා අනෙකුත් පිරිවැයන්ද එකතු වන බව පැවසූ ඒ මහතා මේ වන විට රුපියල් 10කින් ඩීසල් මිලෙහි ඉහළ යාමක් සිදුවිම මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට බස් රථ හිමියන්ට නෛතික හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාම බස් කර්මාන්තය දැඩි ලෙස කඩා වැටීමට හේතුවක් වී ඇතැයිද පැවසූ ඒ මහතා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධවද දැඩි ගැටලුවක් පවතින බවද පැවසීය.

ඒ අනුව ඉන්ධනවල ප්‍රමිතිය බරපතළ අර්බුදයකට පැමිණ ඇති බවත් මේ වන විට ඉන්ධන දහනය වැඩි වී ඇතැයි බස් රථ හිමියන් දිගින් දිගටම තමන් වෙත පැමිණිලි කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවත් ඉන්ධන පරීක්ෂාවට මෙරට ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව නමුත් එයින් ප්‍රතිපළ ලබා ගැනීම සාර්ථක නොවන බැවින් ඉදිරියේදී සිංගප්පූරුවෙන් මෙම ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කරන ලෙස යෝජනා කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ