පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
May 3, 2026 10:37 am
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (02) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 27,042ක් පරීක්ෂාවට ලක් කළ බවය.
එහිදී සැකපිට පුද්ගලයින් 593ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 15දෙනෙකුද හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 229දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 122දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද බීමත් රියදුරන් 121ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 88දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,977කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ.
