වටෙන්ම වටලන මත්ද්‍රව්‍ය - සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
May 3, 2026 08:37 am
දිවයිනේ ප්‍රදේශ දෙකකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම එම ප්‍රදේශයේදීම කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සමග තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 සහ 28ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
හෝමාගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර මරදාන, සියසෙත සෙවණ නිවාස සංකීරණ ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82 මිලිග්‍රෑම් 420ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 15,090ක මුදලක් හා ජංගම දුරකතනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරදාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
