ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට වසර 150යි
May 2, 2026 04:33 pm
1876 මැයි පළමුවෙනිදා ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට වසර 150ක් සපිරේ.
ඒ නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
ඊයේ (01) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සමරු කවර නිකුත් කෙරුණේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගිනි.
මෙම අවස්ථාවට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති, පාසල් ආදී සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
එහිදී අදහස් දැක් වූ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්ප ප්‍රභාත් විතානගේ මහතා,
"මැයි පළවෙනිදා අපේ පාසලට වසර එකසිය පනහක් සපිරෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි සමරු මුද්දරයක්, ඒ වගේම සමරු කවරයක් නිකුත් කිරීමේ අභිමානවත් අවස්ථාව සංවිධානය කරලා තියෙනවා මේ ආකාරයට. අපේ ආරාධනාව පිළිඅරගෙන, මේ අවස්ථාවට අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගී වන, අග්‍රමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණය, මා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා."
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"ඕනම ආයතනයකට වසර 150ක් කියන්නෙ අතිවිශේෂ සන්ධිස්ථානයක්. විශේෂයෙන්ම දිගුකාලයක් ඉතා විශිෂ්ට මෙහෙයක් කළ අධ්‍යාපනය ආයතනයකට. මට විශ්වාසයි රිච්මන්ඩ් විද්‍යාලය දිගුකලක් මුළුල්ලේ රටට අවශ්‍ය විවිධ තලයේ පුරවැසියන් බිහිකළ ආකාරයටම ඉදිරියේදිත් ඒ මෙහෙය ඉටුකරයි කියලා. අද මේ සමරු මුද්දරය සැලසුම් කළ ආකාරයෙන් මට කියන්න පුළුවන් තරුණ රිච්මන්ඩ් පුතුන්ට පාසල තුළ හොඳ නවෝත්පාදන හා නිර්මාණාත්මක පසුබිමක් පවතිනවා කියලා"
