මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් අද යළි අධිකරණයට
May 2, 2026 12:33 pm
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22 දෙදෙනා අද (2) යළි මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.
ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.
එම චීවරධාරියාගේ මෙහෙයවීමෙන් මින්පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවද මේ වනවිට අනාවරණ වී ඇත.
ඒ අනුව ඊට ආධාර අනුබල දුන් අයෙකුවද පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් දින 7ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.
