නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගනියි

නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගනියි

May 2, 2026   11:30 am

යාපනය,ඉලවාලෙයි ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව යාපනය ඉලවාලෙයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත නිවසක තනිව විසු වයස අවුරුදු 74ක් වු කාන්තාවකගේ මළ සිරුරක් එලෙස අදාළ කාන්තාව ජිවත්වු නිවස තුළ තිබි ඊයේ (01) සොයාගත් බවයි.

මියගිය කාන්තාවගේ සහෝදරයෙකු මියගිය කාන්තාව වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර, දුරකථනය වෙත ප්‍රතිචාර නොදැක්වීම මත අදාළ සහෝදරයා පොලීසිය වෙත සිද්ධිය දැනුම් දී ඇත.

අදාළ නිවස වෙත පොලීසිය ගොස් පරීක්ෂා කිරීමේදී මළ සිරුර තිබි සොයාගෙන තිබේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.