දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන මැයි දින සැමරුම්

දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන මැයි දින සැමරුම්

May 1, 2026   11:22 am

ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැලි කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නුවරඑළි දිස්ත්‍රික් මැයි රැලිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා එක්ව සිටී.

ජාතික ජන බලවේග දිස්ත්‍රික්ක 21ක මැයි දින සැමරුම් 21ක් අද පවත්වනු ලබයි.

ඒ ''ජන රජයට ජන බලයක්'' තේමාවෙන්.

මේ අතර සර්වජන බලය අද සිය මැයි දින සැමරුම පවත්වන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීය.

ඒ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

රැලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා මේ වනවිට එක්ව සිටී.

මේ අතර, සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර සිය මැයි දින රැලිය පවත්වන්නේ කොළඹ හයිඩ් පිටියේදීයි.