header logo
SLIC
උණුසුම් පුවත්
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට අනුමැතිය
Apr 30, 202604:51 PM
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට අනුමැතිය
Mobitel 1278

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කර තිබේ.‍

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

මෙම කෙටුම්පත තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ සහ සමාගම්වල වස්තුභංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා ද, (97 වන අධිකාරය වූ) වස්තු භංගත්ව ආඥාපනත ඉවත් කිරීම සඳහා ද, 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා ද, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා ද, 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් පනතේ නිශ්චිතව දක්වා ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා වස්තුභංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කෙරේ. ඒ ඔස්සේ වෘත්තීය ප්‍රමිතීන්, අධීක්ෂණ කටයුතු සහ මහජන විශ්වාසය සහතික කිරීම අපේක්ෂා කෙරේ.

තවද ණයගැතියාගේ ආරක්ෂාව සමග ණයගැතියාට දෙනු ලබන සහන සමතුලිත කිරීම උදෙසාද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.

ඒ අනුව ණය ආපසු ගෙවීම අත්හිටුවීමේ නියෝගයක්‍ නිකුත් කිරීමේ ප්‍රතිපාදනද පනත් කෙටුම්පත මගින් දක්වා ඇති බව කරුණු දක්වමින් අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.

එමෙන්ම ණයගැතියා පුනරුත්ථාපනය සඳහා සුදානම් වන අතරතුර ණය හිමියා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන තාවකාලික දින 60ක කල් දැමීමේ කාලයක් හඳුන්වා දී තිබේ.

තවද සීමිත ආදායමක් සහ සීමිත වත්කම් සහිත ණයගැතියන් සඳහා සරල කළ, වේගවත්, අඩු වියදම් සහිත නඩු කටයුතු සඳහා පහසුකම් සැපයීමට ද, ශ්‍රී ලංකාව තුළ මූල්‍යමය වශයෙන් පීඩාවට පත්ව ඇති එහෙත් ගෙවීමේ හැකියාව ඇති ව්‍යාපාර බේරාගැනීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි නැඹුරු වූ "පරිපාලන" ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීමටද පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සලසා ඇති බව අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ.

වස්තුභංගත්වයේ නීති කටයුතුවලට වඩා සරල හා ලාභදායී වන පරිදි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාපටිපාටිය මෙම පනත් කෙටුම්පත මගින් සකස් කර ඇති බව ඔවුන් පෙන්වා දුන්නහ.

ණය හිමියන් ආරක්ෂා කිරීම සහ වටිනාකම ආරක්ෂා කිරීමේ අරමුණින් ණයගෙවීමට නොහැකි වීම, වැරදි සහගත වෙළදාම සහ වංචනික හෝ වරණීය ගනුදෙනු වළක්වා ගැනීම පිළිබඳ නීති අන්තර්ගතව පවතින බව ද අධිකරණ අමාත්‍යාංශ නිලධාරීහු ප්‍රකාශ කළහ‍.

ලෝක බැංකු හවුල්කාරිත්වය සහ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම විසින් ප්‍රවර්ධනය කරන ලද භාවිතයේ පවතින හොඳම ප්‍රමිතීන්ට අනුකූලව මෙම පනත් කෙටුම්පත සම්පාදනය කර ඇති බව ද ඔවුහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, මෙම පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කර තිබුණේ නම්, ඉන් මෙරට ප්‍රජාවට තවත් බොහෝ ප්‍රතිලාභ හිමි වන්නට තිබූ බව අවධාරණය කළේය.

එමෙන්ම, පනත් කෙටුම්පත මගින් ගෙන එනු ලබන සාධනීය පියවරයන් රැසක් සම්බන්ධව කාරක සභාවේ ප්‍රසාදය පළකරමින් කරමින්, එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන්ට පැවරෙන බවත් එම කටයුතු කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත් කමද සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවේදී පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජය නියෝජනය කරන පාර්ශවකරුවන්ගේ අදහස්ද සලකා බැලිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි