කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
April 30, 2026 08:35 am
හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබේ.
අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්ති සංවිධානවලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි වේ.
01. මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ඇති පොදු රථ ගාලේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම.
මෙම රැස්වීම හේතුවෙන් මහරගම පොලිස් වසම අවට පහත සඳහන් මාර්ගයන්වල යම් අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.







