බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

April 30, 2026   07:26 am

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.

මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට අමතරව, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින බිය ද මෙයට ප්‍රධාන හේතුවක් වේ.

ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල විය.