පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි සජබය ඉරාන්ට දන්වයි
April 29, 2026 11:15 pm
පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්නට මහතා වෙත අද (29) ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට වික්‍රමරත්න මහතා ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.
සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වීම ද බවත් එහි සඳහන්ය.
ඒ අනුව එසේ කටයුතු කරන ලෙසත් අදාල ලිපියෙන් ඉරාන් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.
