මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

April 28, 2026   05:30 pm

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ ලබන බ්‍රහස්පතින්දා ( 30 ) පෙනී සිටින ලෙස මෙම නිලධාරීන්ට දැනුම් දී තිබේ.