Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි

Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි

April 27, 2026   04:40 pm

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයේ සුරක්ෂිතව තිබෙන බව කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අදාළ අරමුදල සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමිනි. 

අප්‍රේල් මස 24 වෙනිදා වනවිට Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 9,583ක් ලැබී තිබේ. 

ඊට රටවල් 49ක විදෙස්ගත ලාංකීකයන් මෙන්ම විදේශ ජාතිකයන් ද සිය පරිත්‍යාග සිදු කර ඇති බව ද ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. 

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට ආණ්ඩුව විසින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තමේන්තුවක් පසුගිය දෙසැම්බර් මාසයේදී සම්මත කරගන්නා ලදී. 

ඒ අනුව ඊට  Rebuilding Sri Lanka අරමුදලේ ඇති බිලියන 10ක මුදල ද යොදාගත හැකි බවත් තවත් රුපියල් බිලියන 490ක පමණක් පමණක් ලබාගැනීමට සිදුවිය වනු ඇති බව අමාත්‍යවරයා කීය. 

මෙම අරමුදල සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය සහ පදනම් විරහිත බව ද හෙතෙම පෙන්වා දෙයි. 

මෙම මුදල් භාවිත කිරීම වර්තමානයේ පවතින අණපනත් අනුව සිදු කරන බව කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියාසිටියේ.