බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට

April 27, 2026   09:33 am

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අද (27) අමෙරිකාවට පැමිණීමට නියමිත විදෙස් වාර්තා පවසයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය වෙත පවසා තිබේ.

දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වේ.

එහිදී ධවල මන්දිරයේදී අමෙරිකාවනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගනු ලබන බව සඳහන් වෙයි.