කිලෝ 300ක මත්ද්‍රව්‍ය තොගයක් හෙට පුත්තලමේදී විනාශ කෙරේ

කිලෝ 300ක මත්ද්‍රව්‍ය තොගයක් හෙට පුත්තලමේදී විනාශ කෙරේ

April 26, 2026   02:51 pm

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් හෙට (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ.

අදාළ වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත.

පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට දිනයේදී පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන තුළදී දහනය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.