මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
April 26, 2026 10:56 am
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සම්පත් භාවිතා කර ආයෝජනා කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබේ.
අද දිනයේ සිට ඒ සඳහා ආයෝජකයින්ට යෝජනා ඉදිරිපත් කළ හැකි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමට රජය තීරණය කරනු ලැබීය.
ඒ අනුව ගුවන්තොටුපොළේ සම්පත් භාවිත කරමින් එහි ආයෝජනය සිදුකිරීම සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට අවස්ථාව ලබාදී තිබේ.
ගුවන් මාර්ග මෙහෙයුම් සහ ගොඩබිම් මාර්ග මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ මෙම ආයෝජන සඳහා යෝජනා කැඳවා ඇති බව සඳහන්ය.
අද දිනයේ සිට දින 60ක කාලයක් ඒ සඳහා අවස්ථාව හිමිවන අතර ලැබෙන අයදුම්පත්වලට අනුව සුදුසු ආයෝජනයන් සිදුකිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.
