මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ නෝට්ටු සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ නෝට්ටු සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට

April 26, 2026   10:02 am

රත්මලාන හා ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02ක් හා ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21ක් ද සොයා ගත් බව පොලීසිය පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25, 29, 30, 32, 35 හා 52ක් වන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.