header logo
SLIC
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්
Apr 25, 202609:35 PM
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්
EDEX

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර පැවැති තෙවන සහ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමත් සමඟය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 213කි.

එහිදී සොභානා මොස්ට්‍රයි ලකුණු 74ක් රැස්කරගත්තාය.

පන්දුයැවීමේදී කවීෂා දිල්හාරි කඩලු 03ක් සහ නිමාෂා මීපගේ කඩුලු 02ක් බිඳහෙළුහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 95ක් සහ ඉමාෂා දුලනි ලකුණු 56ක් රැස්කරගත්තහ.

පන්දුයැවීමේදී මරුෆා අක්ටෙර් කඩුලු දෙකක් දවාගත්තාය.

දෙරට අතර පැවති දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04කින් ජයගත් අතර පළමු තරගය බංගලාදේශ කණ්ඩායම ජයගත්තේ කඩුලු තුනකිනි.

මෙම කණ්ඩායම දෙක අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 28 වෙනිදා ආරම්භවීමට නියමිතව තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight