උණුසුම් කාලගුණය තවදුරටත්
April 25, 2026 06:01 pm
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් සිදුකර තිබේ.
අද (25) පස්වරු ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (26) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.
උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු '' මට්ටමක පැවතිය හැකියි.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
