දර ප්රවාහනයකළ ලොරි රථයක් ප්රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
April 25, 2026 04:06 pm
වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්රපාතයෙන් වු තේ වත්තට පෙරලී තිබේ.
අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඒම තුවාලකරුවන්ගේ තත්වය බරපතළ හේතුවෙන් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බව ලිදුල පොලීසිය පැවසීය.
අද (25) පස්වරු 3.30ට පමණ සිදුවූ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්ගෝ වතුයාදෙිය.
වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්රියා විරහිත විමෙන් ඇති වූ කාර්මික දෝශයක් නිසා ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බව ලිදුල පොලීසිය පවසයි.
මේ අතර, අනතුරට පත් වු ලොරි රථයට දැඩිලෙස හානි වී ඇති බව 'අද දෙරණ' වාර්තාකරු පවසයි.
