header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්
Apr 25, 202603:27 PM
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්
Mobitel 1278

Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන 'සිහින ගමනාන්තය' දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

එම ව්‍යපෘතිය යටතේ පසුගියදා නවීකරණ ක⁣ටයුතු ආරම්භ කළ මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසාදීම අද දින (25) ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුලු ආයතන රැසක ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් දරා ඇත.

පුද්ගලික සමාගමක් නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදු කර ඇති අතර මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.

ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර සහ අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණ කටයුතු සිදු කර ඇත.

එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කර තිබේ.

දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

එහි පලමු අදියර මේ ය⁣ටත් සාර්ථකව අවසන් කර ඇත.

නවීකරණයෙන් පසු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ වැඩිදියුණු කර ඇති පහසුකම් පිලිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරි නවීකරණ කටයුතු විධිමත් කිරීමට අදාලව උපදෙස් ලබා දුන්නේය.

නවීකරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

"ගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන කරනවා. මේ සඳහා දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් හඳුනාගෙන තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජ සංවිධාන මේ සඳහා දායකත්වය සපයනවා. පහසුකම් වැඩිදියුණු කර අද ඔබ භාරයට පත් කල මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අක්බාර් බ්‍රදර්ස්' ආයතනය ස්වේචාවෙන්ම බාර ගැනීම ඉතාමත් අගය කරනවා. පසුගිය කාලය ඇතිවූ අර්බුදයන් මැදින් වුවත් ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයන් සිදු කර තිබෙනවා. ඉහළ මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනවා. වසර 100 කටත් වඩා පැරණි මෙම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සුරක්ෂිත කරමින් කලා කෘතියක් ආකාරයෙන් නිර්මාණයන් සිදුකර තිබීම විශේෂත්වයක්. එම නිසා මේ පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ද ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්.

රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතුයි. ස්ථානවලට සිදු කරන නාස්තියට, හානියට එරෙහිව සමාජයේ පෙළ ගැසිය යුතුයි.

පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නවීකරණයෙන් පසු ඊට සිදුකර තිබූ හානියට දැඩි සමාජ විරෝධයක් ආවා. එය රජයට විශාල සමාජ ශක්තියක් වුණා. එම නිසා මෙම මහජන දේපළ පෞරාණික උරුම සුරක්ෂිත කිරීම පුරවැසි වගකීමක්. ජනතාවගේ සහාය වගේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් මෙහි නඩත්තුවට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. නිලධාරීන් අවශ්‍ය කළමනාකරණය කළ යුතුයි. මේ ආකාරයෙන් නවීකරණය කරන ස්ථාන නිසි ලෙස නඩත්තු කිරීමත් ආරක්ෂා කිරීමත් එවැනි ව්‍යාපෘති අලුතෙන් පටන් ගැනීමට දිරිදීමක් වෙනවා. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, ස්වේච්ඡා සමාජ සංවිධාන තව තවත් සහාය දෙන්න පෙළ ගැසෙනවා. උපාය මාර්ගික සංවර්ධනය සඳහා සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී