මෙරට ධීවර යාත්‍රා නිරීක්ෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු මර්දනය ශක්තිමත් කිරීමට නෝර්වේ රජයේ අවධානය
April 25, 2026 03:26 pm
මෙරට තුළ ධීවර යාත්‍රා නිරීක්ෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු මර්දනය ශක්තිමත් කිරීම සදහා සහය ලබාදීමට නෝර්වේ රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති මෙරටට ලබාදීම සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයේ අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.
නෝර්වේ නිල සංචාරයක නිරත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමග නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.
උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත පද්ධති තාක්ෂණය නොමිලේ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව මෙහිදි සාකච්ඡා වී ඇති බව සඳහන් වෙයි.
මෙම තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමට ද නෝර්වේ පාර්ශවය එකඟතාව පළකර ඇති බවද සඳහන් වෙයි.
