header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි
Apr 25, 202607:52 AM
හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි
Mobitel 1278

මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්‍රියා, වැළැක්වීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.

ඉහත සිද්ධියට භාවිතා කර ඇත්තේ වර්තමානයේ පවතින 'BEC' නම් සයිබර් පහරදීමේ ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය.

මෙම සයිබර් පහරදීමේ ක්‍රමවේදයට බොහෝ පෞද්ගලික අංශයේ ආයතන මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙරට බැංකු පද්ධතියට 'ISO 27001' නම් 'සයිබර් සිකියුරිටි' සම්බන්ධ ISO තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස නිර්දේශ කර ඇති හෙයින්, බැංකු පද්ධති සයිබර් පහරදීවලට ලක්වීම අවම වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව බැංකුවකටත් වඩා රටේ මුදල් සම්බන්ධයෙන් වගකීමක් ඇති මහා භාණ්ඩාගාරය වැනි ආයතනයක් එම පාලන ක්‍රම අනුගමනය කළා නම්, මෙම තත්ත්වය අවම කරගැනීමට හැකියාව තිබූ බව අසේල වෛද්‍යලංකාර මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අසේල වෛද්‍යලංකාර මහතා.

"මෙම සයිබර් පහරදීමට Business Email Compromise (BEC) ක්‍රමවේදය භාවිතා කර තියෙන්නේ. මේක ගොඩක් පෞද්ගලික අංශයේ ආයතනවලට වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු ඉන්වොයිස් එකක් යවනවා එක ආයතනයකින්. ඒ ඉන්වොයිස් එක මැදට ඇවිල්ලා, ඉන්වොයිස් එකේ තොරතුරු මාරු කරලා, ඒක වෙනම ගිණුමකට යවනවා.

ගැටලුව වෙන්නේ මේක 'ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්' එකක්. අනික රටක මුදල් අමාත්‍යාංශයේ ශාඛාවක්. එතනදි කොහොමද මේක වෙන්නේ?.

මේ වගේ දේවල් අඩු කරගන්න තාක්ෂණික මෙවලම් තියෙනවා. ඒවා භාවිතා කරලා තියෙනවද නැද්ද?, එතකොට 'ඊමේල් එක්ස්චේන්ජ්', ඒවා ලේටස්ට් ඒවද?, ඒවට 'පැච්' කරලා තියෙනවද?.

ඒ 'සයිබර් සිකියුරිටි' එක කොහොමද කළමනාකරණය වෙන්නේ?, කවුද ඒක බලන්නේ? ඒ වගේ මං හිතන්නේ ආයතනයේ ව්‍යුහාත්මක පැත්ත පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා.

ලංකාවේ බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක් කරලා තියෙනවා 'ISO 27001' යන කියන 'සයිබර් සිකියුරිටි' සම්බන්ධ ISO තත්ත්ව සහතිකය ලබාගත යුතුයි කියලා. ඒක ලබාගැනීමෙන් පසු භාහිර විගණනයක් කරන්න ඕනේ හැම අවුරුද්දකටම.

නමුත් රටේ සල්ලි හුවමාරු වෙන මුදල් අමාත්‍යාංශය වගේ තැනක, ඒ වගේ ISO තත්ත්ව සහතිකයක් නොතිබෙන එක මම දකිනවා අඩුපාඩුවක් විදිහට.

'ISO 27001' කියන තත්ත්ව සහතිකය ලබාගැනීමෙන් අදහස් වෙන්නෑ හෙට ඉඳන් 'හැක්' වෙන්නේ නැහැ කියන එක. නමුත් ඒකෙන් 'සයිබර්' පහරදීම් අවම කරගන්න අවශ්‍ය ක්‍රමවේදය තියෙනවා.

හැමදාම බැංකු හැක් වෙන්නේ නැහැනේ. මොකද ඔවුන් ඒ තත්ත්ව සහතික, සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලිය අනුගමනය කරන හින්දා.

නමුත් මහා භාණ්ඩාගරය බැංකුවකටත් එහා ගිය රටේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන තැනක්නේ. ඉතින් ඒ තැනදීත් බැංකු අනුගමනය කරන 'කන්ට්‍රෝල්ස්' බැලුවා නම් සමහර විට මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී