ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ
April 24, 2026 05:34 am
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.
බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ, ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉදිරියට යාමට හැකිව තිබේ.
