header logo
SLIC
ක්‍රීඩා
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්
Apr 23, 202610:26 PM
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්
EDEX

තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්කළ, දකුණු අප්‍රිකා ජාතික ගැරී කර්ට්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇෂ්ලි ද සිල්වා මහතා,

"ගිවිසුමේ හැටියට තරග දිනුවොත් මූල්‍යමය වාසිවෙන ලැබෙන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට බෝනස් දීලා තියෙනවා.

ඒ වගේම මැච් පැරදුණොත් එයත් ඔවුන්ට බලපාන ලෙස ක්‍රීඩක ගිවිසුම්වලට එක්කර තිබෙනවා" යැයි පැවසීය.

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, ගැරී කර්ට්සන් මහතා පවසා සිටියේ, එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් පෙන්නුම් කරනු ඇති බවය.

එම තරගාවලියේ ඉදිරියට යාම සිය අපේක්ෂාව බවත්, ක්‍රීඩකයින් ලොව ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව දක්ෂතා පෙන්නුම් කිරීම සඳහා දිරි ගැන්වීම සිය අරමුණ බවත් ඔහු පැවසීය.

https://youtu.be/mqPCzA49ebw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight