හෝමූස්වල පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන්න - ට්‍රම්ප්
April 23, 2026 08:01 pm
හෝමූස් සමුද්‍ර සන්ධියේ පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස ලෙසට සිය නාවික හමුදාවට අණකළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සිය Truth Social ගිණුමෙහි සටනක් තබමින් මේ බව ප්‍රකාශ කර අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සතුව යුද නෞකා නොමැති බවත් ඔවුන් සතුව පැවති නැව් 159 මුහුදුබත් කළ බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙයි.
එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන ලෙසට තමන් නියෝග කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
