දිස්ත්රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
April 23, 2026 04:28 pm
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්රික්යන්වල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පූර්ව අනතුරු ඇඟවීම අද (23) පස්වරු 4:00 සිට හෙට (24) පස්වරු 4:00 දක්වා වලංගුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්රික්කය:- රිදීගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය.
රත්නපුර දිස්ත්රික්කය:- කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස.
