header logo
SLIC
ක්‍රීඩා
චමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයි
Apr 22, 202605:34 PM
චමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයි
EDEX

සත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙසින් සමකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.

රාජ්ෂාහි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 45.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

නායිකා නිගාර් සුල්තානා එම ඉනිමේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු කඩුලු 3ක් (3/36) දවාගත් අතර, මල්කි මදාරා (2/30), නිමාෂා මීපගේ (2/29) හා ඉනෝකා රණවීර (2/28) කඩුලු 2 බැගින් දවාගත්හ.

ලකුණු 166ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ 39 (38.2)වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය සම්පූර්ණ කළේය.

එහිදී හර්ෂිතා සමරවික්‍රම (50), චමරි අතපත්තු (40) හා හංසිමා කරුණාරත්න (40) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

තරගයේ වීරවරිය ලෙස තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight