නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

April 21, 2026   09:21 pm

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ එම වීසා කල් ඉකුත් වූ පසුද නීති විරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම විදෙස් ජාතිකයින් අතරට චීන ජාතිකයින් 47, මැලේසියානු ජාතිකයින් 02 සහ එක් ඉන්දීය ජාතිකයෙකුද අයත් වේ.

මොවුන් මීගමුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් මත සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් විදේශිකයින් පිරිස මේ වන විට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමටද නියමිතය.