ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
April 21, 2026 07:22 pm
දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
"අපට ඒ තරම් විශාල කාලයක් නැහැ" යනුවෙන් පවසමින් ඔහු අවධාරණය කළේ, කඩිනමින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට යළි බෝම්බ හෙලීම ආරම්භ කරන බවය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා ඉදිරියේදී "බෝම්බ ප්‍රහාර" අපේක්ෂා කරන බවත්, අමෙරිකානු හමුදාව ඒ සඳහා දැඩි සූදානමකින් සහ උනන්දුවකින් පසුවන බවත්ය.
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා නව ගිවිසුමකට එළඹීමට ලබා දී ඇති කාලය සීමිත බවත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට වඩා හමුදාමය ක්‍රියාමාර්ගයක් කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවත් ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
