ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
April 21, 2026 12:51 pm
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, දකුණ, ඌව පළාත්වල සහ මන්නාරම, වවුනියාව, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
