ත්‍රීරෝද රථ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

ත්‍රීරෝද රථ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

April 21, 2026   07:33 am

හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන රස්නායකපුර, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොහු හෝමාගම, මහරගම හා මරදාන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ හතරක් සොරකම් කිරීමේ අපරාධවලට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වන බවය.

ඒ අනුව සොරකම් කරන ලද ත්‍රීරෝද රථ හතරක් පොලිස් භාරයට ගෙන ඇති අතර හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.