
කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පංතියේ නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබේ.
නිලධාරීන් සහ ක්‍රීඩකයින් 38දෙනෙකුගෙන් සමන්විත මෙම නවසීලන්ත රගර් කණ්ඩායම ඊයේ (20) රාත්‍රී 10.25ට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම රගර් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග අප්‍රේල් 25 වන දින කොළඹ තුරග තරග පිටියේ දී සහ එළැඹෙන මැයි මස 03 වන දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග 02 කට සහභාගී වීමට නියමිතය.
මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රගර් සම්මේලනයේ නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





















