ආලෝකාගේ ආරක්ෂාව ඉහළ මට්ටමකින් සපයනවා - ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය
April 20, 2026 10:26 pm
සාම පාගමනේ ගමන් කිරීම සඳහා මෙරටට පැමිණෙන 'ආලෝකා' නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමය ප්‍රකාශ කරන්නේ, ‘ආලෝකා’ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බවය.
හදිසි අවස්ථා සඳහා කැපවුණු කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර තිබෙන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.
ලෝකයේම පිළිගත් සාමයේ සුරතලෙකු ලෙස සැලකෙන ‘ආලෝකා’ගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බවත්, එම සංගමය අවධාරණය කරයි.
